රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීමේ නියෝගය කල් යයි
29 October 2026
රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීමේ නියෝගය කල් යයි
29 October 2026
දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 06 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුකරය අද(29) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර රෝහිත බෝගොල්ලාගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඊට ප්රතිචාර දක්වමින් කරුණු ඉදිරිපත් කළේය
.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 6 වනදා ප්රකාශයට පත්කරන බව නිවේදනය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලන්ඩනයේ පැවති වෙෙළඳ ප්රදර්ශනයකට සහභාගිවී මූල්ය රෙගුලාසිවලට පටහැනිව රුපියල් ලක්ෂ පහළොවකට වැඩි මුදලක් ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකොට දූෂණය නැමැති වරද සිදුකළ බව චෝදනා කරමින් හිටපු අමාත්යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබුණි.

