brand logo
logo
 පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමාව අසළ බෝම්බ පිපිරීමක් - 12ක් මරුට

පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමාව අසළ බෝම්බ පිපිරීමක් - 12ක් මරුට

26 September 2026


පාකිස්තාන - ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති දේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ දරාසින්දා ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඉන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සහන සේවා උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් ක‌ළේය.


ඉන් මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් ආරක්ෂක නිලධාරීන් සහ ඒ අසලින් ගමන් කළ අය බව සඳහන්ය.


මියගිය අය අතර නිලධාරීන්, රේගු නිලධාරීන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.


තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන්, රේගු නිලධාරීන් සහ අවම වශයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු සිටින බව සඳහන්ය.


කයිබර් පක්තුන්ක්වා පළාතේ ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පොලිස් මුරපොළකට පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් කඩා වැදීමෙන් මෙම පිපිරීම සිදුව ඇත.


පිපිරීමට පෙර ප්‍රහාරකයන් සහ පාකිස්තාන ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවට ද වැඩිදුරටත් වාර්තාවෙයි. 

 

More News..