Best News Website award
brand logo
logo
අහිමි කළ විශ්‍රාම වැටුප ඉල්ලන්න මන්ත්‍රිවරු  500ක බලඇණියක්

අහිමි කළ විශ්‍රාම වැටුප ඉල්ලන්න මන්ත්‍රිවරු 500ක බලඇණියක්

21 November 2026 | සම්පත් දේශප්‍රිය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම සහ වෛද්‍ය රක්ෂණ ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ලබාගැනීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ ජාත්‍යන්තර සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රිවරුන් පන්සියයකට ආසන්න ප්‍රමාණයකින් යුත් නව සංවිධානයක් මේ මස 28 වැනිදා පිහිටුවීමටමෙම නව සංවිධානයේ අනුශාසක ලෙස හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභාපති ලෙස හිටපු කථානායක කරු ජයසූරිය පත්කිරීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සංගමය ලෙස නම් කර ඇති මෙම නව සංවිධානයේ මංගල මහ රැස්වීම නොවැම්බර් 28 සෙනසුරාදා පෙරවරු 9.30 ට කොළඹ 7 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ අංක 275/75 දරන ස්ථානයේ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී පැවැත්වේ.


හිටපු ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ වෛද්‍ය රක්ෂණ ක්‍රමය අහිමිවීමත් සමග ඇතැම් මන්ත්‍රිවරුන් තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගැනීමට නොහැකි වී තිබෙන අතර මන්ත්‍රිවරුන්ගෙන් යැපෙන්නන්ද විවිධ දුෂ්කරතාවන්ට පත්වී සිටින බැවින් ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමක් හරහා ඔවුන්ට කිසියම් දීමනාවක් හෝ ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම මෙම නව සංවිධානයේ අරමුණ වී තිබේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ වෛද්‍ය රක්ෂණ ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරනු ලැබීය.

 

More News..