මහා පරිමාණ අයිස් ජාවාරමක සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට
25 October 2026 | මනෝජ් එදිරිසිංහ-ගම්පහ
මහා පරිමාණ අයිස් ජාවාරමක සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට
25 October 2026 | මනෝජ් එදිරිසිංහ-ගම්පහ
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී, මහා පරිමාණයෙන් අයිස්ම ත්ද්රව්ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්රමසිංහ ලද තොරතුරක් මත
පොලිස් නිලධාරීන් විසින් වේයන්ගොඩ, ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 83 යි මිලිග්රෑම් 750 ක් ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන සුරංග නොහොත් වැල්ලේ සුරංගගේ මස්සිනා මෙම සැකකරු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, සැකකරු වැඩිදුර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීම සඳහා ගම්පහ ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

