වියට්නාමයෙන් දැඩි විරෝධයක්
16 September 2026
වියට්නාමයෙන් දැඩි විරෝධයක්
16 September 2026
දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුකරන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය පවසයි.
ඒ, එම දූපත් සමූහයට අයත් කුඩා දූපතක චීනය විසින් අලුතින් ඉදිකිරීම් සිදුකරන බවට පසුගිය සතියේ වාර්තා වීමත් සමඟය.
ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ මෙය කල්තියා අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතියක ආරම්භයක් විය හැකි බවය.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කර ඇත්තේ වියට්නාමය මෙයට දැඩි ලෙස විරෝධය පළ කරන අතර, මේ පිළිබඳව තමන්ගේ නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් දැඩි ලෙස කරුණු දක්වා සිටින බවය.
එම දූපත් සමූහයේ බලය එවකට පැවති දකුණු වියට්නාම නාවික හමුදාවෙන් අත්පත් කර ගැනීමෙන් පසුව, 1974 වසරේ සිට එහි බලය පවත්වාගෙන යනු ලබන්නේ චීනය විසිනි. මෙම මුළු දූපත් සමූහයම තමන් සතු බවට හිමිකම් කියන වියට්නාමයද, මෑත වසරවලදී වඩාත් දකුණින් පිහිටි සිය හමුදා කඳවුරු ජාලය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ.
ඊට ආසන්න මුහුදු සීමාවන්ට වියට්නාමය, පිලිපීනය, මැලේසියාව, තායිවානය සහ බෲනායි යන රටවල් විසින්ද සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හිමිකම් කියනු ලබයි.

