දරුවන් අතර පිළිකා රෝග ව්‍යාප්තිය ඉහළට
09 September 2026
දරුවන් අතර පිළිකා රෝග ව්‍යාප්තිය ඉහළට
09 September 2026
උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන්වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900ත් -1,000ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් මෙරටින් වාර්තාවන බව ප්‍රජා වෛද්‍ය විශේෂ්‍ය, වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී මේ බව සඳහන් කළේය.
එහිදී වැඩි වශයෙන් හඳුනාගැනීමට ලක්ව ඇත්තේ ,ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව,වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව වන ලිම්‍ෆොමාව,මොළය ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස් ආශ්‍රිත පිළිකාව බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
එහිදී වෛද්‍යවරයා පැවසුවේ සෑම පිළිකාවක් පිළිබඳවම කලින් හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව සුවකර ගැනීමට ඉතා ඉහළ හැකියාවක් පවතින බවය.
ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර ඇතිවන පිළිකා සහ ඒ සඳහා වන ප්‍රතිකර පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ලොව පුරා සැප්තැම්බර් මාසය " ළමා පිළිකා පිළබඳ දැනුවත් කිරීමේ මාසය " ලෙස සමරනු ලබයි.

