19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සම සත්කාරක්වය බංග්ලාදේශය සහ නේපාලයට
21 October 2026
19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සම සත්කාරක්වය බංග්ලාදේශය සහ නේපාලයට
21 October 2026
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය තෙවැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය බංග්ලාදේශයට සහ නේපාලයට හිමිව තිබේ.
මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි 21 වනදා සිට පෙබරවාරි 06 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව තරගාවලියේ තරග බංග්ලාදේශයේ චැටෝග්රෑම් හා සිල්හෙට් මෙන්ම නේපාලයේ කිර්තිපූර් සහ මුල්පානි යන නගර කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් එක්වන අතර, එම කණ්ඩායම් කාණ්ඩ 4කට බෙදා තරග පැවැත්වේ.
කණ්ඩායම් අදියරේ තරගවලින් අනතුරුව කාණ්ඩ දෙකකින් සමන්විත 'සුපර් 6' වටය පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි 4වැනිදාත්, අවසන් මහා තරගය පෙබරවාරි 6වැනිදාත් පැවැත්වෙන අතර, එම තරග සියල්ල චැටෝග්රෑම්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අවසන්වරට මෙම තරගාවලිය පැවති 2023 සහ 2025 යන වසර ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ අනුව වත්මන් ශූරියන් වන ඉන්දියාව 'A' කාණ්ඩයෙන් තරග වදින අතර, අයර්ලන්තය, බ.ඉ. කොදෙව් සහ නේපාලය ඊට ඇතුළත්ය. පසුගියවර අනුශූරතාව දිනූ දකුණු අප්රිකාව 'B' කාණ්ඩයට ඇතුළත් අතර, නවසීලන්තය, පාකිස්තානය සහ සැමෝවා එම කාණ්ඩයට නම් කර ඇත.
මීට අමතරව ඔස්ට්රේලියාව, බංග්ලාදේශය, නයිජීරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්යය 'C' කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තය, අමෙරිකාව සහ ස්කොට්ලන්තය සමගින් 'D' කාණ්ඩයට ඇතුළත් කර ඇත.

