brand logo
logo
පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පති රක්ෂිත බන්ධනාගාරයට

පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පති රක්ෂිත බන්ධනාගාරයට

21 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


පාසල් සිසුවෙකුට නිළ නිවසේදි පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක විදුහල්පතිවරයා ඊයේ (20) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කලහ.


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන එම පාසලේ 08 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට විදුහල්පතිවරයා, ඔහුගේ බිරිද සහ තවත් පිරිසක් එක්ව පහර දී තුවාල සිදු කිරිමෙන් පසු එම පාසල් සිසුවාගේ දෙමව්පියන් සිසුවාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඒ පිලිබදව නෝර්වුඩ් පොලිසිය වෙත දැනුවත් කිරිමෙන් පසු නෝර්වුඩ් පොලිසිය විසින් එම සිද්ධිය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කර තිබුණි.


සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස නිකුත් කර තිබූ නොතිසි අනුව විදුහල්පතිවරයා පමණක් අද අධිකරණය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කලහ.

 

More News..