brand logo
logo
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලයේ ජලාශ සිඳෙයි

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලයේ ජලාශ සිඳෙයි

18 August 2026 | •සාලිය කුමාර ගුණසේකර


අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 28 කට වඩා අඩුවී ඇත. පවතින වියළි කාලගුණික තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 23 ක් දක්වාද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 25.9 ක් දක්වාද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ථ ජල ධාරිතාවය සියයට 27.8 ක් දක්වාද අඩුවී තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවැසීය.


අම්පාර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 46.4 ක් දක්වාද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 41.3 ක් දක්වාද, මන්නාරම දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ජලාශවල සමස්ථ ජල ධාරිතාවය සියයට 36.7 ක් දක්වාද අඩුවී ඇත.කෙසේ නමුත්, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 64 ක (64%) මට්ටමක පවතින බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.


බෝවතැන්න ජලාශයේ හැර අනෙකුත් මහවැලි ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 50 කට වඩා වැඩි අගයක පවතින්නේ. බෝවතැන්න ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 23 ක් දක්වා අඩුවී තිබේ. වික්ටෝරියා ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 70 ක මට්ටමක පවතින අතර, රන්දෙණිගල ජලාශයේ සමස්ථ ජල ධාරිතාවය සියයට 54 කි. කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 90 ක් වන අතර, ඉහළ කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 78 කි.කාසල්රී, මාඋස්සාකැලේ යන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 89 ත් 93 ත් අතර මට්ටමක පවතින්නේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18 වැනිදා) දිනයේදී වැසි ඇතිවේ.

 

More News..