ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ
04 May 2026
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ
04 May 2026
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා ගිවිසුම් 7ක් සඳහා අත්සන් තබා තිබේ.
ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍ර සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට මෙලෙස අත්සන් තබා ඇති බවද සඳහන්.
2025 වර්ෂයේ දී මාලදිවයින් සංචාරය අතරතුර තමා සිදු කළ ආරාධනයට අනුව මෙලෙස සංචාරයට පැමිණීම පිළිබඳව ද මාලදිවයින් ජනාධිපතිවරයාට සිය කෘතඥතාවය පළ කර කරන බවද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එමෙන්ම දිට්වා ආපදා සමය තුළ දී මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාලසීමාව තුළ දැක්වූ සහයෝගය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විසින් මාලදිවයින රජයට සිය ස්තූතිය පුද කර ඇත.
මෙරටට සහ මාලදිවයිනට පවතින පොදු අභියෝගය වන්නේ ගෝලීය දේශගුණය වන බවද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ දේපොළ වෙළෙඳාම සහ නාගරික යටිතල පහසුකම් යන කෂේත්‍රවල අයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙසය.
එමෙන්ම මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ්, හෙට සහභාගී වීමට නියමිතව ඇති ව්‍යාපාරික සංසදයේ කටයුතු ද සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඒ සඳහා සුභාෂිංෂණ එක් කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර මෙම විශේෂ අවස්ථාව හා එක්වෙමින් දෙරට අතර ඉඩම් පරිත්‍යාගයක් ද සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන්කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයිනය විසින් ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ද ඉඩමක් වෙන්කර ඇත.

