brand logo

විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයන්ට මහජන බැංකුවෙන් ණය පහසුකම්

3 years ago

Share on

මහජන බැංකුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති සියලු විශ්වවිද්‍යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අවම පොලී අනුපාතියක් යටතේ විශේෂ පුද්ගල ණය යෝජනාවලියක් දියත් කරයි. මේ තුළින් වසර 10 ක් තුළදී ගෙවිය හැකි පරිදි උපරිම රුපියල් මිලියන 12 දක්වා නිවාස හෝ ඕනෑම අවශ්‍යතාවයන් සඳහා ණය පහසුකම් ලබාගත හැක. අවම පොලි අනුපාතය 9.0්‍% කි. රජයේ වෘත්තිකයන්ට ණය පහසුකම් ලබාදීමේ මහජන බැංකුවේ වැඩපිළිවෙළ යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගේ සිට අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සඳහා අවම ලියකියවිලි සහ ලිහිල් සුරැකුම් යටතේ නිවාසල අධ්‍යාපන, වාහන හා අනෙකුත් පුද්ගලික ඕනෑම අවශ්‍යතාවයක් සඳහා මේ යටතේ ණය පහසුකම් සඳහා සලසා බැලේග. එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයන්ටද මෙම ණය සඳහා අයදුම් කළ හැක.

You may also like