බස් රථයක සඟවා තිබූ අයිස් සමඟ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට
19 October 2026 | වසන්ත චන්ද්රපාල-අම්පාර
බස් රථයක සඟවා තිබූ අයිස් සමඟ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට
19 October 2026 | වසන්ත චන්ද්රපාල-අම්පාර
අම්පාර ප්රධාන බස් නැවතුම්පළේ සිට කෙත්සිරිගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන ගිය,අයිස්, මත්ද්රව්ය තොගයක් සමඟ එහි රියදුරු සහ කොන්දොස්තර අම්පාර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය විසින් ඉකුත් ඊයේ (18) දා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි ලද රහසිගත තොරතුරක් මත මෙම වැටළීම ක්රියාත්මක කර ඇත.
අම්පාර ප්රධාන බස් නැවතුම්පළෙන් සවස 3.00ට පිටත් වූ අදාළ බස් රථය, අම්පාර නගර මධ්යයේදී වටලනු ලැබීය.
එහිදී මගීන් බැස්සවීමෙන් පසු සිදු කළ දැඩි පරීක්ෂාවකදී කොන්දොස්තර සතුව තිබී අයිස් මිලිග්රෑම් 5050 ක් සොයා ගන්නා ලදී.
රියදුරු අසුන ඉදිරිපස ඩෑෂ්බෝඩ් යට සඟවා තිබී අයිස් මිලිග්රෑම් 2050 ක් අත්අඩංගුවට ගනු ලැබීය.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට පත් රියදුරු ම එම බස් රථයේ අයිතිකරු ද වන බවයි.
කලක සිට කෙත්සිරිගම ප්රදේශයට මෙම ජාවාරම සිදු කර ඇති මොහු, මීට පෙරද මත්ද්රව්ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයකු බව පොලිසිය පවසයි. සැකකාර රියදුරු කොක්නහර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, කොන්දොස්තර පහළලන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය විසින් බස් රථය අත්අඩංගුවට ගැනීමත් සමඟ, එහි ගමන් ගත් මගීන්ට වෙනත් වාහනවල ගමන් කිරීමට සිදුවීම නිසා මගීන් දැඩි අපහසුතාවයට පත් විය.
කෙසේ වෙතත්, සිද්ධිය සැල වූ වහාම නැගෙනහිර මාර්ගස්ථ මගී ප්රවාහන සේවය විසින් අදාළ බස් රථයේ මාර්ග බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ බස් රථය හෙට අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අම්පාර ප්රදේශයේ මත්ද්රව්ය උවදුර මැඩලීම වෙනුවෙන් අම්පාර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය නිරන්තරයෙන්ම කරුණු කාරණා අනාවරණය කරමින් ඉතා සාර්ථක හා ප්රශංසනීය සේවයක් ඉටු කරමින් සිටී.
ප්රදේශයේ අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන් මැඩලීමට ඔවුන් දක්වන දක්ෂතාවය සහ කැපවීම මේ හරහා මනාව තහවුරු වේ.

