brand logo
logo
කොළඹ වරාය නවීකරණයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක්

කොළඹ වරාය නවීකරණයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක්

18 October 2026


කොළඹ වරායේ කටයුතු නවීකරණය කර එහි මෙහෙයුම් විධිමත් කිරීම සඳහා අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 17 ක ආධාරයක් යටතේ අමෙරිකානු තාක්ෂණය හඳුන්වාදීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.


දකුණු ආසියාවේ වඩාත්ම උපායමාර්ගික සමුද්‍රීය මධ්‍යස්ථානයක් වන කොළඹ වරාය ඉලක්ක කර ගනිමින් මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.


මෙමඟින් වරාය මෙහෙයුම් සඳහා උසස් අමෙරිකානු තාක්ෂණය හඳුන්වා දෙනු ලබයි.


නව තාක්ෂණය හඳුන්වා දීමත් සමඟ භාණ්ඩ හැසිරවීමේ සහ සැකසීමේ ක්‍රියාවලිය (cargo processing) වඩාත් වේගවත් වනු ඇති බව මෙරට අමෙරිකානු එක්සත් ජනපදය තනාපති කාර්යාලය පවසයි.


එමෙන්ම, නැව්ගත කිරීමේ ප්‍රමාදයන් අවම කර ගැනීමටත්, ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන පිරිවැය අඩු කරමින් ඔවුන්ට සහන සැලසීමටත් මෙමඟින් හැකි වන බව සඳහන් වේ.


මෙම ආයෝජනය හරහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ යන ආර්ථිකයන් දෙකම රඳා පවතින සැපයුම් දාම තවදුරටත් ශක්තිමත් වනු ඇත.


තවද, අමෙරිකානු තාක්ෂණය කොළඹ වරායට ගෙන ඒමෙන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමටත්, වෙළෙඳ ප්‍රවාහයන් වඩාත් විඳිමත් කිරීමටත්, දෙරටේම ආර්ථිකයන් වඩාත් ශක්තිමත් කර ගැනීමටත් මඟපෑදෙනු ඇති බව මෙරට අමෙරිකානු තානාපති එරික් මේයර් මහතා වැඩිදුරටත් පවසයි.


මෙම ව්‍යාපෘතිය හුදෙක් වරාය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමක් පමණක් නොව, අමෙරිකානු තාක්ෂණික සමාගම් සඳහා ද නව වාණිජ හා ව්‍යාපාරික අවස්ථා උදා කර දෙන තීරණාත්මක පියවරක් ලෙස සැලකෙන බවද ඒ මහතා සඳහන් කළේය.

 

More News..