වෙනිසියුලාවේ හිටපු ජනපති අද නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවට
26 March 2026
වෙනිසියුලාවේ හිටපු ජනපති අද නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවට
26 March 2026
අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටිනුයේ දෙවන වරටයි.
පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ආරක්ෂක අංශ සිදුකළ වැටලීමකදී නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා ඇති බව සඳහන්ය.
මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සඳහා කුමන්ත්‍රණය කිරීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබාගැනීම ඇතුළු චෝදනා 4ක් මදුරෝට එරෙහිව එල්ල වී ඇතත් ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

