පියා ඝාතනය කළ 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
07 September 2026
පියා ඝාතනය කළ 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
07 September 2026
මාතලේ, උකුවෙල, කුරිවල ප්‍රදේශයේදී සිය පියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 16 හැවිරිදි පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම සිද්ධිය අනාවරණය වී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
පියා සහ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

