brand logo
logo
  පුරාවස්තු සෙවිමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවිමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

31 October 2026


කැප්පෙටිපොල පොලිස් වසමේ ගල්පීල්ල ප්‍රදේශයේදී කැප්පෙටිපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (30) දින දහවල් වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවිමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ, පූජා භාණ්ඩ හා කාර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් අවුරුදු 32,39 හා 45 යන වයස්වල පසුවන බිබිල, දෙල්ගොඩ හා ඌරාපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසයි.


කැප්පෙටිපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

 

More News..