brand logo
logo
අභිනව අනුනායක හන්තානේ ධම්මගවේශි හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

අභිනව අනුනායක හන්තානේ ධම්මගවේශි හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

27 October 2026

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ අනුනායක ධුරයට පත්කෙරුණු පූජ්‍ය හන්තානේ ධම්මගවේශි හිමියන්ට අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය අද (27) පස්වරුවේ පැවැත්වුණි.


ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දීය.


පූජ්‍ය හන්තානේ ධම්මගවේශී හිමියන් සම්බුදු දහම තරුණ ප්‍රජාව අතරට ගෙන යාම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බුද්ධ පුත්‍රයන්වහන්සේ නමකි.


1986 වසරේදී පැවිදි දිවිය ඇතුළත් වූ උන්වහන්සේ සියඹලාපේ සිතුම්පියස ධම්ම විහාරය, කෑගල්ල කොටිගල ධර්ම නිකේතන බෞද්ධ මධ්‍යස්ථානයේ සහ සිංහාරගම සිරි ධම්මරතන ධර්ම පර්යේෂණ භික්ෂු පුහුණු මධ්‍යස්ථානයෙත් විහාරාධිපති ධුරය හොබවනු ලබයි.

ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ පටීභා දහම් සංවාද වැඩසටහන ඔස්සේ මෙන්ම අරතී වැඩසටහන ඔස්සේද උන්වහන්සේ විශිෂ්ට ධර්ම ප්‍රචාරණයක නියැලී සිටිති.


උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ අනුනායක පදවියට අභිනවයෙන් පත්වූ අතර එම ධුරයට හිමි අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදුවිය.


ඒ එම සංඝ සභාවේ මහනායක, අතිපුජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු මහජන නියෝජිතයන් රැසක සහභාගිත්වයෙනි.

 

More News..