දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත සහ කරන්නාගොඩ අධිකරණයට කියයි
23 November 2026
දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත සහ කරන්නාගොඩ අධිකරණයට කියයි
23 November 2026
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරු අද (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය.
එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.


