brand logo
logo
2026 උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට දැනුම්දීමක්

2026 උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට දැනුම්දීමක්

21 September 2026


2026 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ විෂයන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙර්පතමේන්තුව විසින් දැනුම් දී තිබේ.


පහත දැක්වෙන විෂයයන් සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇත.


පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සිය අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපැල් මගින් යැවීමට කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.


ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.


 

More News..