ඉන්දියාවේ මැතිවරණ ප්‍රධානියාට එරෙහිව විරෝධතා තවදුරටත්
04 October 2026
ඉන්දියාවේ මැතිවරණ ප්‍රධානියාට එරෙහිව විරෝධතා තවදුරටත්
04 October 2026
ඉන්දියාවේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානී ග්‍යානේෂ් කුමාර්ට (Gyanesh Kumar) ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනතාව අඛණ්ඩව තුන්වන දිනටත් අද (04) විරෝධතාවල නිරත වී තිබේ.
එමෙන්ම විරෝධතා අතරතුර පොලිස් නිලධාරීන්ගෙන් සිදුවූ බව කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
ඡන්දදායක ලැයිස්තු සංශෝධනයේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ නම් ඉවත් කර ඇති බවත්, එහි විශාල අක්‍රමිකතා සිදුව ඇති බවත් කියමින් ජනතාව මැතිවරණ කොමිසමේ ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටියි.
මැතිවරණ කොමිෂන් සභාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ග්‍යානේෂ් කුමාර් මේ ගැන මෙතෙක් අදහස් දක්වා නැති බව සඳහන් වෙයි.

