වැල්ලවත්තේ අවන්හලක් කඩා ඉවත්කිරීම වළක්වමින් නියෝගයක්
09 September 2026
වැල්ලවත්තේ අවන්හලක් කඩා ඉවත්කිරීම වළක්වමින් නියෝගයක්
09 September 2026
වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබෙන නොතිසියක්, එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ අවන්හල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.

