හෙට දිනයේදී ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනයට
29 November 2026
හෙට දිනයේදී ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනයට
29 November 2026
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ හෙට (30) දිනයේදී සුපුරුදු පරිදි නියමිත වේලාවන්ට අනුව ධාවනය කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.
එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා සඳහන් කළේ, නියමිත ගමන් වේලාවන්ට අනුව බස් රථ ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
හෙට දිනයේදී සේවා සැපයීම සඳහා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින් සහ නිලධාරීන් රාජකාරි සඳහා වාර්තා කරන බවද සභාපතිවරයා පැවසීය.
ඒ අනුව මගීන්ට කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අයවැයට විරෝධය පළ කරමින් රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති හෙට දිනයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව ඇති අතර, ඒ හේතුවෙන් රාජ්‍ය ආයතනවල සේවාවන්ට බලපෑම් එල්ල විය හැකි බව අදාළ වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
කෙසේ වෙතත්, එවැනි පසුබිමක් තුළ වුවද මගීන්ට අවශ්‍ය ප්‍රවාහන සේවා අඛණ්ඩව සැපයීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයින් සහ නිලධාරීන් හෙට දිනයේදී කටයුතු කරන බව සභාපතිවරයා අවධාරණය කළේය.


