brand logo
logo
"කලින් ආණ්ඩුවලින් කියූ දේවල් යුපුන්ට දෙන්න අපට බැහැ" - ක්‍රීඩා ඇමති

"කලින් ආණ්ඩුවලින් කියූ දේවල් යුපුන්ට දෙන්න අපට බැහැ" - ක්‍රීඩා ඇමති

23 July 2026


ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනයේ පවතින දුර්වලතා පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් පෙරේදා (21 වැනිදා) සිය මලල ක්‍රීඩා දිවියට සමුදුන් ශ්‍රී ලංකා ධාවන ශූර යුපුන් අබේකෝන් තමන් වෙතින් කළ ඉල්ලීම් ඉටු කිරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ ඊයේ (22 වැනිදා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යුපුන්ට ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබා දීමට වාචිකව පොරොන්දු වී ඇති බවත් එම මුදල තම අමාත්‍යාංශයට ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු "යුපුන් කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ඔහු දැනට ජීවත් වෙන්නෙ ඉතාලියේ. ඔහු අපි එක්ක සාකච්ඡා කළා. එහෙත් ඔහුගෙ තිබෙන්නෙ ටිකක් වෙනස් ඉල්ලීම්. අපි ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත ඔවුන්ට දීමනා ලබාදීමට තමයි සැලැසුම් කර තිබෙන්නේ. අපි මිෂන් ඔලිම්පික් වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා වෙන් කළ ගණන් තිබෙනවා. එතනින් එහාට ගාණාක් අපිට දෙන්න බෑ." යනුවෙන් ප්‍රකාශ කළේය.


එසේම වර්තමානයේ ක්‍රීඩකයා සිටින ස්ථානය සහ දක්ෂතාව මත පමණක් ගෙවීම් සිදුකරන බවත්, පෙර ආණ්‍ඩුවල මන්ත්‍රිවරයෙක් පැවැසූ වචනයක් පදනම් කරගෙන ගෙවීම් කළ නොහැකි බව ඔහු පැවැසීය.

 

More News..