රියාද් අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලට හූති ප්‍රහාරයක්
19 November 2026
රියාද් අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලට හූති ප්‍රහාරයක්
19 November 2026
සෞදියේ රියාද් අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ල (PIF Tower) ඉලක්ක කර හූති කැරලිකරුවන් විසින් අද (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එරට රාජ්‍ය ස්වෛරී ආයෝජන අරමුදලේ මූලස්ථානයද පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් තට්ටු 8ක පමණ වීදුරු බිඳී , එහි බාහිර ලෝහමය රාමුවට ද දැඩි හානි සිදුව ඇත.
රියාද්හි කින්ග් අබ්දුල්ලා මූල්‍ය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ස්ථානයක් ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ දෙවන අවස්ථාව මෙය වේ.
මීට සති දෙකකට පෙරද රාජ්‍ය තෙල් සමාගමක් වන 'Aramco' හි ගොඩනැගිල්ලකට මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරයත් සමග කින්ග් අබ්දුල්ලා මූල්‍ය දිස්ත්‍රික්කයට ඇතුළු වන සියලුම මාර්ග වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර, ගොඩනැගිලි තුළ සිටි පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කෙරුණි.
ප්‍රහාරය සිදුවූ ස්ථානයට ගිනිනිවන රථ සහ ගිලන්රථ පැමිණ ඇති අතර, සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැත.
සෞදි නායකත්වයෙන් යුත් මිත්‍ර පාක්ෂික හමුදාව පවසා ඇත්තේ, රියාද් දෙසට එල්ල වූ හූති මිසයිල තර්ජනයට සාර්ථකව මුහුණ දුන් බවය.
එහිදී සුන්බුන් පතිතවීමෙන් දේපොළ හානි සිදුවූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


