brand logo
logo
මවක් බිළිදෙකුට කළ අපරාධය

මවක් බිළිදෙකුට කළ අපරාධය

18 January 2025

හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක බිලිඳෙකු පෙරදින රාත්‍රියේ මියගොස් ඇති බවට ඊයේ (17) හබරණ පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් ලැබී ඇත.


මිය ගිය බිලිඳා වයස මාස 10ක් වන බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.  


එම බිලිඳා සිය මව, පියා සහ සහෝදරයා සහ සහෝදරිය සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇත.


කෙසේ නමුත් පියා නිවසින් බැහැර ගොස් සිටියදී, එනම් 16 වනදින රාත්‍රී කාලයේදී නිවස පිටුපස ඇති වතුර වළකට දරුවා දමා නැවත ගොඩටගෙන නිවසේ ඇඳ මත තැබූ බවට මව විසින් ප්‍රකාශ කර ඇත. 


මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 


අපරාධය සම්බන්ධයෙන් මිය ගිය බිලිඳාගේ මව අත්අඩංගුවට ගෙන ඇත. 


අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 34ක් වන පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. 


මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 


හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

More News..