brand logo
logo
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ නිවේදනයක්

12 August 2026


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයින වටා ඇති ඇතැම් මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


මෙම නිවේදනය අද (12) දහවල් නිකුත් කර ඇති අතර, එය හෙට (13) දින දහවල් 12.00 දක්වා පැය 24 ක කාලයක් පුරා වලංගු වේ.


මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.


ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.


මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


පවතින මෙම තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන්, අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.


 

More News..