brand logo
logo
 හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

21 September 2026


පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02ක්, ගිනිඅවි T-56 පතුරම් භාවිත කළ හැකි මෙරට නිෂ්පාදිත T-කටස් වර්ගයේ අවි 05ක් සහ බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ අවි 02ක්, විවිධ වර්ගයේ පතුරම් 600කට අධික ප්‍රමාණයක් සහ අත්විලංගු 02ක් පොලිස් භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු කඩවත මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

 

More News..