brand logo
logo
විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න සූදානම්

විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න සූදානම්

13 January 2026


අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.


අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවත්, විපක්ෂය කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.


ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


විපක්ෂය අග්‍රාමාත්‍යවරියට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සත්‍යය සහ යථාර්ථය ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමට රජයට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


 

More News..