බන්ධනාගාරය තුළදීම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ උත්සාහයක්
14 November 2025
බන්ධනාගාරය තුළදීම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ උත්සාහයක්
14 November 2025
පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීමට මේ වන විට උත්සාහ දරමින් සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණයෙකුගේ සොහොයුරෙකු අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිදුවීමක් වාර්තා විය.
එහිදී එක් රැඳවියෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, පසුගියදා දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී ඝාතනය වූ තරුණයන් දෙදෙනාගෙන් යොමේෂ් නැමැත්තාගේ සහෝදරයා බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේය.
එම තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම, අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තා මෙහෙයවා තිබූ අතර මෙම ඝාතන තැත ද ඔහු මෙහෙයවා ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.
බන්ධනාගාරය තුළදී ආහාර ලබාදෙන ඇලුමිනියම් පිඟානකින් සැකසූ තියුණු ආයුධයකින් එම රැඳවියන් පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.
මේ වන විට එම රැඳවියන් දෙදෙනා වෙනම සිරකූඩුවකට දමා විමර්ශන සිදුකරන බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේය.

