brand logo
මහින්ද අමරවීර ඉරානයට

මහින්ද අමරවීර ඉරානයට

26 April 2024

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අද (26) ඉරානය බලා පිටත්ව ගියේය.


ඒ, ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහාය.


එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය මොහොමඩ් අලි නික්බක්ට් හමුවීමට නියමිතයි.


එරට කෘෂිකර්ම අමාත්‍ය මොහොමඩ් අලි නික්බක්ට් හමුවී කරන සාකච්ඡාවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර කීය.


මහින්ද අමරවීර අමාත්‍යවරයා EXPO ප්‍රදර්ශනයට සහභාගී නොවීමට මීට පෙර තීරණය කර තිබුණත් ඉරාන ජනාධිපතිවරයා මෙරටදී තමාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාල ප්‍රදර්ශනයට සහභාගී වීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

 

More News..