යෝෂිතට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ඇරඹෙයි
30 October 2026
යෝෂිතට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ඇරඹෙයි
30 October 2026
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ මේවන විට ආරම්භ වී තිබේ.
අද(30) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මෙහෙයවීම යටතේ සාක්ෂි විභාගය ආරම්භ වී තිබේ.
රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

