brand logo
logo
චොකලට් ඇතුළෙන් කෝටියක කුෂ් මතුවෙයි - අයෙක් අත්අඩංගුවට

චොකලට් ඇතුළෙන් කෝටියක කුෂ් මතුවෙයි - අයෙක් අත්අඩංගුවට

27 July 2026


රුපියල් එක් කෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.


මොහු මොණරාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන පින්තාරුකරුවෙකි.


එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 480 ක ප්‍රමාණය යාන්ත්‍රිකව සොසේජස් කරල් ලෙස සකස් කර ඒ මත චොකලට් තවරා ඒවා සුළං නොවදින ලෙස පැකැට් කර ඒවා පිටතින් බැලූබැල්මට චොකලට් සේ පෙනී යන ලෙස ජනප්‍රිය චොකලට් වෙළද නාමයක් ද මුද්‍රනය කර තිබුණි.


එවැනි චොකලට් ඇසුරුම් 70 ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස අසුරා සකස් කර ඒවා තම ගමන් මල්ලේ තවත් එවැනිම ටොෆී සහ චොකලට් සමග මිශ්‍ර කර සගවා ගෙන තිබුණි.


මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද (27) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

More News..