Best News Website award
brand logo
logo
වැරැදි රියැදුරන් අල්ලන්න කොළඹට A I කැමරා

වැරැදි රියැදුරන් අල්ලන්න කොළඹට A I කැමරා

28 November 2026 | එෆ්. අස්ලම්

රථවාහන වැරැදි කරන රියැදුරන් හසුකර ගැනීම පුළුල් කරමින් කොළඹ වටා කෘත්‍රිම තාක්ෂණය සහිත කැමරා (AI Camera) සවි කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය සැලසුම් කර තිබේ. එහි පළමු අධියර මේ දෙසැම්බර් මාසයේදීම ආරම්භ කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසීය.


කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය අසල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා මාර්ගයේ එම සැලැස්ම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. අධියර නවයක් යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා කැමරා හාරසිය පනහකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට සැලසුම් කර ඇත.


මෙපමණ කාලයක් සවිකර තිබුණේ පැරණි කැමරාවීම මත කෘත්‍රිම තාක්ෂණය ඇති කැමරා (AI Camera) හඳුනාගත් ස්ථානවලට යොදවන බවද ඒ අනුව මහමග වැරැදි කරන වාහන නිරීක්ෂණය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එම වාහනවල ලියාපදිංචි හිමිකරුගේ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් දඩ පත්‍රිකාව යොමු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. කොළඹ නගරයේ රථවාහන රාජකාරි කරන රියැදුරන්ද මීට අමතරව රථවාහන මෙහෙයුම් වැඩිකර තිබෙන බවද හෙතෙම කීවේය.

 

More News..