ලිඳුල මටකැලේ වත්තේ බඹර ප්රහාරයකින් කම්කරුවන් 22කට තුවාල
25 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
ලිඳුල මටකැලේ වත්තේ බඹර ප්රහාරයකින් කම්කරුවන් 22කට තුවාල
25 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
ලිදුල මටකැලේ වතුයායේ සේවය කරමින් සිටි පිරිසකට ඊයේ (24)වන දින එල්ලවු බබර ප්රහාරයකින් වතු කම්කරුවන් 22 දෙනෙකුට තුවාල ලබා ලිදුල ප්රාදේශිය රෝහලට ඇතුලත් කර ඇත.
මෙම වතු කම්කරුවන් පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහර දිමෙන් එම පිරිස මෙසේ තුවාල ලබා ඇත.
මේ පිළිබද කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල ප්රාදේශිය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ මටකැලේ වතුයායේ සේවය කරමින් සිටි පිරිසකට එල්ලවු බබර ප්රහාරයකින් වතු කම්කරුවන් විසි දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල බවත්ය.
එම පිරිස අතරින් 12 දෙනකු රෝහලේ බාහිර අංශයෙන් ප්රථිකාර ලබා පිටව ගිය බවත් තවත් 10 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබමින් සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

