ලෝක බලවතාගේ හදවත හෙල්ලූ 9/11 ප්‍රහාරයට වසර 25යි
11 September 2026 | කේ.බී. තරුෂි ශෙහාරා
ලෝක බලවතාගේ හදවත හෙල්ලූ 9/11 ප්‍රහාරයට වසර 25යි
11 September 2026 | කේ.බී. තරුෂි ශෙහාරා
2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට පෙර පරිදිම සාමාන්‍ය ලෙස දවස ආරම්භ විය. මිනිස්සු තම දෛනික කටයුතු ආරම්භ කළහ. එදින කුඩා කණ්ඩායම් හතරක් ලෙස සංවිධානය වූ ‘අල්කයිඩා’ ත්‍රස්ත ප්‍රහාර සාමාජිකයෝ දහනවදෙනෙක් පියාසර කරමින් තිබූ ඇමරිකානු ගුවන් යානා හතරක් පැහැර ගත්හ. ඒ එම ගුවන්යානා නිව්යෝර්ක් නුවර උස් ගොඩනැගිලිවල ගැටීමට සැලැස්වීමේ අරමුණිනි.
ඒ අනුව එලෙස පැහැරගත් පළමු මගී ගුවන්යානය වූ ඇමරිකන් එයාර්ලයින්ස් 11 ගුවන් යානය නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණේ පෙරවරු 8.46ට ගැටීමට සැලැස්වීය. මොහොතකින් දැවැන්ත ගිනි ජාලාවක් ඇති වී නිව්යෝක් නුවර පුරා පැතිරෙමින් කළු දුම කුලුනෙන් අහසට නැගෙන්නට විය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අභියස සිටි මිනිස්සු සිය දෑස් විස්වාස කළ නොහැකිව අහස දෙස බලා සිටියෝය. බොහෝදෙනකු සිතුවේ මෙය බිහිසුණු ගුවන් අනතුරක් බවයි.
ගිනි නිවන භටයන්, පොලිස් නිලධාරීන් සහ හදිසි සේවා කණ්ඩායම් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණියේ අසුරු සැණිනි. කුලුනු තුළ සිටි මිනිසුන් දහස් ගණනක් පිටතට පැමිණීමට උත්සාහ කළඳ ඒ වන විටත් බොහෝදෙනකු සිය ජීවිතයෙන් වන්දි ගෙවා තිබිණි. රූපවාහිනී කැමරා, ගිනි ගනිමින් තිබූ උතුරු කුලුනු වෙත යොමූ වූ අතර මුළු ලෝකයම සජීවීව මෙම සිදුවීම විමතියෙන් නරඹමින් සිටියහ.
පළමු ගුවන්යානය ගැටී විනාඩි 34කට පසු පෙරවරු 9.03ට තවත් මගී ගුවන්යානයක් නිව්යෝර්ක් නගරයට ළඟා විය. ඒ යුනයිටඩ් එයාර්ලයින්ස් 175 ගුවන් යානයයි. තත්පර කිහිපයකින් එම ගුවන්යානය මුළු ලෝකයම බලා සිටියදී දකුණු කුලුනේ ගැටිණි. නිව්යෝර්ක් අහස් ගැබ සිපගනිමින් තිබූ ඇමරිකාවේ ප්‍රධාන ආර්ථික මාධ්‍යස්ථානය වූ මහල් 110කින් යුතු ලෝක වෙළෙඳ මාධ්‍යස්ථාන ගොඩනැගිල්ල ප්‍රහාරය එල්ලවී පැය දෙකක් යාමට මත්තෙන් බිමට සමතලා විය. එතෙක් වේලා මෙය ‘ගුවන් අනතුරක්’ බවට වූ සැකය ‘මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක්’ බවට පරිවර්තය වූයේ ඉන් පසුවය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී විනාඩි 26කට පසුව ඇමරිකන් එයාර්ලයින්ස් 77 ගුවන්යානය ද වර්ජීනියාවේ පිහිටි ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට කඩා වැට්ටවීමට ත්‍රස්තවාදීන් විසින් සැලසුම් කර තිබුණි. ඒ අනුව පෙරවරු 9.37ට පෙන්ටගනයේ බටහිර ප්‍රදේශයට එම ගුවන්යානය කඩා වැටුණි.
මේ අතර පැහැරගත් යුනයිටඩ් එයාර්ලයින්ස් 93 ගුවන්යානය ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වූ ධවල මන්දිරය හෝ කැපිටල් ගොඩනැගිල්ලෙහි ගැටීමේ උත්සාහය අසාර්ථක විය. ඒ එම යානයේ සිටි මගීන් නොසන්සුන්ව කටයුතු කිරීම හේතුවෙනි. අනතුරුව ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය ව්‍යාර්ථ කරමින් එම ගුවන්යානය වොෂින්ටන්හි කැලෑබද භූමියකට කඩා වැටිණි. ඒ හේතුවෙන් පෙන්ටගනය බේරිනි. ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී අදහස් ද ඒ සමගම සුන් විය. නමුත් එහි සිටි අහිංසක මිනිසුන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය.
21 වැනි ශතවර්ෂයේ ආරම්භයත් සමගම ලොව සිදුවූ වඩාත්ම සංවිධානාත්මක සහ බිහිසුණුම ත්‍රස්ත ක්‍රියාව ලෙස සැලකෙන මෙම මරාගෙන මැරෙන අන්තවාදී ප්‍රහාර මාලාවෙන් පුද්ගලයෝ 2977 දෙනෙක් මියගිය අතර 25000කට අධික පිරිසකට බරපතළ තුවාල සිදුවූහ. එයින් සිදු වූ දේපළ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 10කට අධිකය.
ඇමරිකානු බුද්ධි අංශ වාර්තා අනුව අනාවරණය වූයේ අල්කයිඩා ත්‍රස්තයින් විසින් මෙම ප්‍රහාරය සිදුකර තිබු බවයි.
එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් අනතුරුව අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන් ඝාතනයට සැලසුම් සකස් කළේය. නමුත් දසවසරක් යනතුරුත් බින් ලාඩන් අල්ලා ගැනීමට නොහැකි විය. පසුව 2011 වසරේ මැයි 2 වැනිදා බින් ලාඩන් පාකිස්තානයේ ඇබෝටාබාග්හිදී සැඟව සිටියදී ඇමරිකා හමුදා මෙහෙයුමකින් ඝාතනය කෙරිණි.
නමුත් පසුව අනාවරණය වූයේ මෙම ප්‍රහාරයේ මහ මොළකරු බින් ලාඩන් නොව කලීඩ් ෂෙයික් මොහොමඩ් නමැති අන්තවාදී මත දරන්නකු බවයි.
මෙම ප්‍රහාර මාලාව එල්ල වී දැනට වසර 25ක් ගතව ඇතත් සැප්තැම්බර් 11 වැනිදා ලෝකවාසීන්ගේ මතකයෙන් තවම මැකී ගොස් නැත. ද්විත්ව කුලුනු අද එහි නොතිබුණද එම ගොඩනැඟිලි තිබූ ස්ථානයේ ඉදිව ඇති අනුස්මරණය මගින් එදින අහිමි වූ ජීවිත පිළිබඳ මතකය තවදුරටත් ජීවමාන කරවයි.
මෙවර එහි අනුස්මරණයේදී ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් පමණක් නොව එදින අනතුරට මුහුණ දුන් සහ දිවි ගලවාගත් පිරිස් සහ ජීවිත අවදානම නොතකා අන්‍යයන් බේරාගැනීමට ඉදිරිපත් වූ වීරයන් ද සිහිපත් කෙරේ.
නිව්යෝර්ක් නගරයේ රාත්‍රී අහස ආලෝකවත් කරමින් පැවැත්වෙන “Tribute in Light” ආලෝක අනුස්මරණය ද ද්විත්ව කුලුනු සිහිපත් කරන සුවිශේෂී සංකේතයක් බවට පත්ව ඇත.
ඒ අනුව 2026 සැප්තැම්බර් 11 වැනිදා ලෝකයම යළිත් ඔවුන් සිහිපත් කරමින් මිනිස් ජීවිතයක වටිනාකම සහ සාමයේ අවශ්‍යතාව පිළිබඳ පණිවුඩය ඉදිරියට ගෙන යනු ඇත.

