brand logo
logo
රියාද් වෙත යන ශ්‍රීලන්කන් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි

රියාද් වෙත යන ශ්‍රීලන්කන් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි

10 October 2026

සෞදි අරාබියේ රියාද් නගරය වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.


රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී සිදුවූ ආරක්ෂක තත්ත්වයක් සහ අඛණ්ඩව සිදුකෙරෙන ආරක්ෂක හා මෙහෙයුම් සමාලෝචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.


මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතාවය වන බැවින්, පවතින තත්ත්වය වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු මට්ටමක පවතින බවට තහවුරු වූ පසු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කර සිටී.


මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින්නේ නම් 1979 අංකයටත්, ජාත්‍යන්තර ඇමතුම් සඳහා නම් +94 11 777 1979 අංකයටත්, WhatsApp පණිවිඩ සඳහා පමණක් නම් +94 74 444 1979 අංකයටත් ඇමතිය හැකිය.


මීට අමතරව, ඔබගේ සංචාරක නියෝජිතයා හරහා හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

 

More News..