brand logo
logo
 වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

03 October 2026


සීගිරිය, පළුටාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙකි.


අදාළ පුද්ගලයා නිවසෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..