මී. 4x100 සහය දිවීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට නව වාර්තාවක්
21 June 2026
මී. 4x100 සහය දිවීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට නව වාර්තාවක්
21 June 2026
චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4x100 සහය දිවීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත් විය.
තරගයේ සිව්වැනි ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම දක්ෂතාව දැක්වූ අතර, ඒ සඳහා ඔවුන් වැයකළ කාලය තත්පර 38.63කි.
මෙම තරගය සඳහා දෙනෙත් වීරරත්න, චමෝද් යෝදසිංහ, චලිත් පියුමාල් හා මෙරොන් විජේසිංහ එක්වූහ.
මෙම ඉසව්වේ පෙර ශ්‍රී ලංකා වාර්තාව ලෙස සටහන්ව තිබුණේ මීට වසර 8කට පෙර, එනම් 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තත්පර 39.08ක කාලයකින් පිහිටුවා තිබූ වාර්තාවයි.
එවර එම වාර්තාවට ෂෙහාන් අඹේපිටිය, විනෝද් සිල්වා, හිමාෂ ඊෂාන් සහ මොහොමඩ් අෂ්රොෆ් යන ක්‍රීඩකයින් හිමිකම් කියූහ.
දෙවන වරට පැවැත්වෙන මෙම ආසියානු සහාය දිවීමේ ශූරතාමේදී ශ්‍රී ලංකා වාර්තා පිහිටවූ තරගයේ රන් පදක්කම චීනය විසින් දිනාගත්තේය.
එමෙන්ම රිදී පදක්කම තායිලන්තය දිනාගත් අතර, ලෝකඩ පදක්කම චීන තායිපේට හිමිවිය.

