Best News Website award
brand logo
logo
​දේශීයව එකලස් කරන වාහන සංඛ්‍යාව 2024ට සාපේක්ෂව 2025 දී 74%කින් නගී

​දේශීයව එකලස් කරන වාහන සංඛ්‍යාව 2024ට සාපේක්ෂව 2025 දී 74%කින් නගී

16 November 2026


දේශීයව එකලස් කෙරෙන වාහන සංඛ්‍යාව පෙර වසරට (2024) සාපේක්ෂව පසුගිය වසරේදී සියයට හැත්තෑ හතරයි දශම දෙකකින් (74.2%) ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක සඳහන් වෙයි.


පෙර වසරේ (2024) දී 55377ක් වූ එකලස් කරන ලද වාහන සංඛ්‍යාව පසුගිය වසරේදී (2025 දී) 96472ක් යැයි එම වාර්තාව පෙන්වා දෙයි.


තවද මෙම වාහන සඳහා ලැබෙන බදු නිදහස් කිරීම හේතුවෙන් පසුගිය වසරේදී (2025දී) රුපියල් මිලියන 16156ක බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබෙන බවත් මෙම වසරේ (2026) මුල් මාස හයේදී එලෙස අහිමි වී තිබෙන බදු ප්‍රමාණය රුපියල් මිලියන 9005ක් බවත් එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

 

More News..