මත්ද්‍රව්‍ය කිලෝ 6කට අධික තොගයක් සමඟ අයෙකු මාට්ටු
04 November 2026
මත්ද්‍රව්‍ය කිලෝ 6කට අධික තොගයක් සමඟ අයෙකු මාට්ටු
04 November 2026
අම්පාර - කල්මුණයිකුඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ කල්මුනේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය ඒකාබද්ධව ඊයේ(03) මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
ගිනිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී, කල්මුණයිකුඩි ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා කුඩා ඇසුරුම් 94ක සූදානම්කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 61ක් වන කල්මුණයිකුඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුනේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.

