පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
02 August 2026
පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
02 August 2026
පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට එහි කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය විසින් අද (02) පියවර ගෙන තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා මෙලෙස වාන් දොරටු විවෘත කර ඇත.
පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසන්නේ, මින් තත්පරයට ඝන අඩි 3,940ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවය.
මහවැලි ගඟ පහළ ධාරාවේ සහ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට මේ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

