brand logo
logo
කෝටි 3ක පොල්ලක් තැබූ සමාගමට මැනිං මාර්කට් රථගාල දීලා

කෝටි 3ක පොල්ලක් තැබූ සමාගමට මැනිං මාර්කට් රථගාල දීලා

24 March 2025 | ගයාත්‍රි ගීගනආරච්චි

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ රථගාල පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩරය ලබා ගෙන ඇත්තේ, පිටකොටුව පැරණි මැනිං වෙළෙඳපොළ රථගාල පවත්වාගෙන යාම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ තුන්සියයක් ගෙවිය යුතු පුද්ගලයකුට අයත් සමාගමක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.


පිටකොටුව මැනිං වෙළෙඳපොළ රථගාල පවත්වාගෙන ගොස් නාගරික අධිකාරියට මුදල් ගෙවීම පැහැර හැරි ආයතනයේ මෙම හිමිකරු විසින් වෙනත් සමාගමක් ලියාපදිංචි කර පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ රථගාලේ ටෙන්ඩරය ගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දුන්නේය. ආයතන 11ක් පමණ මේ සඳහා මිල ගණන් දී ඇතත්, මූලික සුදුසුකම් සම්පූර්ණ නොකළ මෙම ආයතනයට ටෙන්ඩරය ලබා දීම තුළ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශාල සැකයක් මතුවෙන බවත්, නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු හිඟ මුදල් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, ඔහු අවධාරණය කළේය.


මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී ඇති අතර මෙම දූෂිත ටෙන්ඩර ක්‍රමය මෙරටින් ඉවත් කර විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් තුළ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත්, කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී රංජිත් විතානගේ පැවසීය.

 

More News..