brand logo
logo
ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට

ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට

19 July 2026

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ජය ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.


ඊයේ (18) රාත්‍රීයේ කලම්බෝ කැප්ස් කණ්ඩායම සමග පැවැති තරගය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජය ගනු ලැබුවේ කඩුළු 5කින් වීම ද විශේෂයත්වයකි.


එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කැප්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 189ක් රැස්කර ගැනීමට සමත් විය.


කලම්බෝ කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කර ගැනීමට සමත් විය.


ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස්කර ගත්තේ පන්දු 53කදීය.


ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.


අනතුරුව පිටියට පැමිණි ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී කඩුළු 5ක් දැවී ලකුණු 191ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.


ගෝල් පිල වෙනුවෙන් සෑම හර්පර් ලකුණු 65ක් රැස්කර ගැනීමට සමත් විය.


ඒ අනුව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 2කම ජය ගැනීමට සමත් විය.

 

More News..