කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය වෙනුවෙන් විශේෂ බස් සේවාවක්
10 July 2026
කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය වෙනුවෙන් විශේෂ බස් සේවාවක්
10 July 2026
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබේ.
මේ අනුව කොළඹ සිට කතරගම සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කදුකර ප්‍රදේශවල සිටද එම බස් රථ ධාවනයට යොදා ඇත.
www.sltb.eseat.lk වෙව් අඩවිය මගින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව පැවතියද මගී පහසුව තකා කතරගම බස් නැවතුම්පලේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් මේ වන විට ස්ථාපිත කර ඇත.
නැගෙනහිර සහ කදුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙ බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් සේවාව යොදවා තිබේ.
කතරගම සිට මඩකලපුව,පානම, ත්‍රිකුණාමලය, මුතූර්,වාලච්චේන, පොතුවිල්,අක්කරපත්තුව, වාකරේ,කල්මුණ දක්වා විශේෂ බස් සේවාවක් මෙලෙස ධාවනයට එක් කර ඇත.
එසේම කතරගම සිට කොලඹ,මහනුවර, හැටන්, බදුල්ල, නුවරෙළිය ඇතුළු ප්‍රදේශ සදහාද බස් රථ යොදවා ඇත.

