brand logo
logo
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු

07 March 2026

අද (07) අලුයම ජා ඇළ ප්‍රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තාවී තිබේ.


ඒ අනුව එම වෙඩිතැබීමේදී වෙඩික්කරුවන් විසින් අසල පිහිටි තවත් නිවාස දෙකකට වෙඩිතබා පලාගොස් තිබේ.

අද අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉලක්ක කරමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. 


මනෝජ් සුරංග ලියනගේ හෙවත් 'බටුවත්තේ චාමර' යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි නිවසට මෙම වෙඩිතැබීම සිදුකර ඇත.


යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩික්කරුවන විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ලකර තිබේ.

බටුවත්තේ චාමර යන අයගේ බිරිඳ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින අතර, මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රු. 125,000සක මුදලට කුලියට ලබාදී ඇති බවත් පැවසෙයි.

මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී මෙම නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු සිට ඇති බවද වාර්තා වෙයි.


මේ අතර මෙම නිවසට 2025.12.15 දින හා 2025.12.24 යන දිනයන්වලදී ද මේ අයුරින්ම වෙඩිතබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

 

More News..