Best News Website award
brand logo
logo
DMT ප්‍රධාන කාර්යාලයේ සේවාවන් Appointment ක්‍රමයට

DMT ප්‍රධාන කාර්යාලයේ සේවාවන් Appointment ක්‍රමයට

19 November 2026


එළැඹෙන 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇත.


මහජනතාවගේ පහසුව වෙනුවෙන්, 2026.11.23 දිනට පෙර ලබා දී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ඒ අනුව, පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසේ.


සේවාලාභීන් හට පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් ඕනෑම එක් ක්‍රමයක් ඔස්සේ තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගත හැකිය.


දුරකථන මාර්ගයෙන් - 011 2 117 116 අංකය ඇමතීමෙන්

මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ - https://dmtappointments.dmt.gov.lk හෝ https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්

ඒ අනුව එළැඹෙන 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්‌යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


සේවාලාභීන්ගේම පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය පමණක් අනුගමනය කරමින් සිය සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා දන්වා සිටී.

 

More News..