දික්කසාද තීන්දුවක් කඩිනම් කිරීමට රු. 65,000ක අල්ලස් ගත් කාති විනිසුරු සහ බිරිඳ අත්අඩංගුවට
18 November 2026
දික්කසාද තීන්දුවක් කඩිනම් කිරීමට රු. 65,000ක අල්ලස් ගත් කාති විනිසුරු සහ බිරිඳ අත්අඩංගුවට
18 November 2026
දික්කසාද තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාති උසාවියේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම විනිසුරුවරයාගේ බිරිඳ බව අල්ලස් කොමිසම අනාවරණය කර ඇත.
දික්කසාද නඩුවකට අදාළ තීන්දුවක් කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබා දීම සඳහා ඔවුන් විසින් මෙම අල්ලස් මුදල් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටළීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ හෙට (19) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කරයි.


