brand logo
logo
එංගලන්තය හමුවේ දොළොස් වසරක පරාජිත රැල්ල ශ්‍රී ලංකාව පෙරටමට රැගෙන යයි

එංගලන්තය හමුවේ දොළොස් වසරක පරාජිත රැල්ල ශ්‍රී ලංකාව පෙරටමට රැගෙන යයි

18 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ වේල්සයේ කාර්ඩිෆ් සිට...


වර්ෂ 2014 සිට වසර 12ක් මුළුල්ලේ එංගලන්තය හමුවේ එකදු හෝ පන්දුවාර 20 ජයක් ලබාගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකාව ඊයේ (18වැනිදා) කාර්ඩිෆ් හිදී එම පරාජිත රැල්ල 14වැනි තරගය දක්වා ද පෙරට රැගෙන ගියේය.


එම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 145, පන්දුවාර 12.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී පසුකරයෑමට එංගලන්තය සමත්වුණි.


මෙම තරගය ඇරැඹුමේදී පන්දුවාර 5කදී කිසිවකු නොදැවී ලකුණු 55ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා ඉනිම, මැදපෙළ පිතිකරුවන්ගේ අතිශය ප්‍රාථමික මට්ටමේ පහර තෝරාගැනීම හමුවේ, 11 වැනි පන්දුවාරය වන විට ලකුණු 95කට කඩුලු 5ක් ලෙසින් දැක්වුණි.


සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාංගණයක ඇති ඕවලාකාර හැඩයෙන් තරමක් වෙනස්, සෘජුකෝණාශ්‍රාකාර හැඩයක් ගත් කාර්ඩිෆ් සොෆියා ගාඩ්න් ක්‍රීඩාංගණයේ එකී හැඩයට අනුව පන්දු පහර තෝරාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් අසමත්වීද යත්, එම සමස්ත ඉනිමේදී වාර්තා වූයේ හයේ පහර 2ක් පමණි. ලකුණු නොලැබූ පන්දු ගණන ඉනිමේ සමස්ත නිත්‍යානුකූල පන්දු සංඛ්‍යාවෙන් සියයට 42ක ප්‍රතිශතයක් විය.


නමුත් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් යොමුකළ දුර්වල පන්දු හමුවේ පිටිය සිසාරා දැවැන්ත හයේ පහර එල්ල කිරීමට එංගලන්ත පිතිකරුවන් පෙළැඹුණු අතර එම පහරවල ජවය කෙතරම්ද යත් එංගලන්ත ඉනිම අතරතුර පිටියෙන් ඉවතට එල්ල කරන ලද හයේ පහර හමුවේ විනිසුරුවන්ට දෙවරක් පන්දු ආදේශ කිරීමට සිදුවිය.


 මෙම තරගයේදී දුනිත් වෙල්ලාලගේ වෙනුවට කණ්ඩායමට එක්වූ තරිදු රත්නායක පන්දුවාර 20 ජාත්‍යන්තර වරම් ලැබීය. මහීෂ් තීක්ෂණ වෙනුවට වේගපන්දු යවන්නකු ලෙසින් ඩිල්ෂාන් මධුශංඛ ආදේශ කළද මෙම වෙනස්කම් දෙක මගින් කැපී පෙනෙන බලපෑමක් සිදු නොවීය.

 

More News..