ඊ-කුණු වැඩසටහන නව මුහුණුවරකින්
04 August 2026
ඊ-කුණු වැඩසටහන නව මුහුණුවරකින්
04 August 2026
දිවයින පුරා එකතු වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන පරිදි විධිමත්ව එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා ක්‍රියාත්මක "ඊ-කුණු" (e-Kunu) වැඩසටහන නව මුහුණුවරකින් නැවත ආරම්භ කර තිබේ.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පෞද්ගලික අංශයේ සන්නිවේදන ආයතනය අතර අත්සන් තැබීම මධ්‍යම පරිසර අධිකාරී පරිශ්‍රයේදී සිදු විය.
මෙම වැඩසටහන යටතේ ජංගම දුරකථන, ලැප්ටොප්, චාජර්, වයර්, ලිතියම් අයන් බැටරි, සාමාන්‍ය බැටරි, ටෝනර්, හාඩ්ඩිස්ක්, සීඩී/ඩීවීඩී තැටි, රවුටර සහ ස්ථාවර දුරකථන ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් දිවයින පුරා පිහිටි අදාළ සේවා ආයතනයේ ශාඛා වෙත ගෙනැවිත් භාර දිය හැක.
"ග්ලෝබල් ඊ-වේස්ට් මොනිටර් 2024" වාර්තාවට අනුව 2022 වසරේදී ගෝලීයව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 62ක් ජනනය වී ඇති අතර, එයින් නිසි ප්‍රතිචක්‍රීකරණයට යොමුව ඇත්තේ සියයට 22.3ක් වැනි අඩු ප්‍රමාණයකි.
මෙම අපද්‍රව්‍ය විධිමත්ව බැහැර නොකිරීමෙන් රසදිය, ඊයම් සහ කැඩ්මියම් වැනි විෂ රසායනික ද්‍රව්‍ය පසට සහ ජලයට එකතු වී මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසර පද්ධතියටද දැඩි හානි පමුණුවයි.
එබැවින් නිවසේ හෝ කාර්යාලයේ ඇති භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික උපකරණ පරිසරයට මුදා නොහැර, ළඟම ඇති නියමිත එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාරදී පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

