ඩෙංගු රෝගීන් වාර්තාවීම අනුව මහනුවර දිස්ත්රික්කය දෙවැනි ස්ථානයට
29 October 2026 | ජානක එස් බණ්ඩාර-කුණ්ඩසාලේ
ඩෙංගු රෝගීන් වාර්තාවීම අනුව මහනුවර දිස්ත්රික්කය දෙවැනි ස්ථානයට
29 October 2026 | ජානක එස් බණ්ඩාර-කුණ්ඩසාලේ
මහනුවර දිස්ත්රික්කය තුළ ඩෙංගු රෝගය ව්යාප්තවීමේ අවදානමක් යළි මතුවී ඇති බැවින් රෝග පාලනය සදහා මහජන සහයෝගය හා අවදානය කඩිනමින් යොමු කළ යුතු බවත්, මෙම වර්ෂය තුළ ඩෙංගු රෝග ව්යාප්තිය දැඩි පාලනයට ලක් කළ නමුත් රෝගීන් වාර්තා වීම අනුව මහනුවර දිස්ත්රික්කය ශ්රී ලංකාවේ දෙවැනි ස්ථානයට පත්වී ඇතැයි මහනුවර ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය ක්රිෂාන්ත මාසාච්චි පවසයි.
මෙලෙස පැවසූයේ මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ ඊයේ (28) දා පැවති මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඩෙංගු රෝග නිවාරණය සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්ය නිලධාරී වෛද්ය ක්රිෂාන්ත මෙසේ පැවසිය ,
''ඔක්තෝබර් මාසයේදී මහනුවර මහ නගර සභා බල ප්රදේශයෙන් රෝගීන් 96ක් වාර්තා වූ බව ද යටිනුවර සෞඛ්ය වෛද්ය කොට්ටාශයෙන් රෝගීන් 88ක්ද, කුණ්ඩසාලේ 72ක් සහ උඩනුවර සෞඛ්ය වෛද්ය කොට්ඨාශයෙන් ඩෙංගු රෝගීන් 53ක් වාර්තා වී ඇතැයි ද වෛද්යවරයා පැවසුවේය.තත්ත්වය තව දුරටත් උත්සන්න වෙමින් පසුගිය දින 02ක කාලය තුළදී මහනුවර මහ නගර සභා බල ප්රදේශයෙන් රෝගීන් 44ක් වාර්තා වූ බව පැවසිය, මහනුවර ජාතික රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉකුත් සතිය තුළදී සිදුවූ බව ද කීවේය.මහනුවර මහ නගර සභාව, යටිනුවර, කුණ්ඩසාලේ, ගම්පොල, වැරැල්ලගම යන සෞඛ්ය වෛද්ය කාර්යාල බල ප්රදේශවලින් වැඩිම රොගීන් වාර්තාවී ඇති බවත්, මහනුවර ප්රධාන පාසල් හතක සිදු කළ කීට සමීක්ෂණ
වාර්තාවලින් පාසල් 05ක ඩෙංගු කීටයන් හමුවූ බව ද වෛද්යවරයා කීවේය. ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් ග්රාම නිලධාරී වසම් දක්වා රෝග පාලන කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කළ යුතු බවත්, ජාතික ඩෙංගු මර්ධන ඒකකය නොවැම්බර් මස 02 වන දින සිට ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන් සැලසුම් කර පවතින බව ද තව දුරටත් පැවසුවේය.''

